Skip to content

Latest commit

 

History

History
40 lines (21 loc) · 6.04 KB

File metadata and controls

40 lines (21 loc) · 6.04 KB

අත්පොත් සහ නියමාවලි.

මෙම පොත නිබන්ධනයක් පමණි. මෙහි අරමුණ වන්නේ ඔබට ජාවාස්ක්‍රිප්ට් හුරු කිරීමයි. මූලික කරණු ඉගෙනීමෙන් පසු ඔබට වඩා විස්තරාත්මක මූලාශ්‍ර ඇසුරුකිරීමට හැකි වනු ඇත.

නියමාවලි (Specifications)

ජාවාස්ක්‍රිප්ට් වඩාත් ගැඹුරට, විස්තරාත්මකව මෙන්ම විධිමත්ව අර්ථදක්වන මූලාශ්‍රය වන්නේ ECMA-262 නියමාවලිය යි. ජාවාස්ක්‍රිප්ට් පිලිබඳ වඩාත්ම නිවැරදි මූලාශ්‍රය වන්නේ මෙයයි.

මෙහි ඇති විධිමත් භාවය හේතුවෙන් මෙය තේරුම් ගැනීම තරමක් වෙහෙසකර කටයුත්තක් විය හැකිය. එමනිසා ජාවාස්ක්‍රිප්ට් පිලිබඳ ගැටලුවක් නිරාකරණය කරගැනීමේදි පරිශීලනය කළ හැකි වඩාත්ම විශ්වාසවන්ත මූලාශ්‍ර වූවත් මෙය එදිනෙදා භාවිතයට එතරම් සුදුසු නොවනු ඇත.

සෑම වසරකම මෙම නියමාවලියේ නව සංස්කරණයක් නිකුත් වේ. එවැනි නිල නිකුත් කිරීමක් ප්‍රකාශයට පත්කිරීමට පෙර එහි නවතම කෙටුම්පත (draft), https://tc39.es/ecma262/ තුලින් ලබාගත හැකිය.

https://github.com/tc39/proposals යන පිටුවෙන් අපට ජාවාස්ක්‍රිප්ට් හි නවතම විශේෂාංග් සහ "stage-3" ලෙස හැඳින්වෙන ඊලඟ නියමාවලියට එකතු වීමට නියමිත විශේෂාංග පිලිබඳව කියවිය හැකිය.

එසේම, ඔබ වෙබ් බ්‍රව්සරයක් නිර්මාණය කරන්නේ නම්, ඊට අදාල නියමාවලි මෙම නිබන්ධනයේ දෙවෙනි කොටසින් සාකච්ඡා කෙරෙනු ඇත.

අත්පොත් (Manuals)

  • MDN (Mozilla) ජාවාස්ක්‍රිප්ට් නිර්දේශය බොහෝ උදාහරණ සහ විස්තර ඇතුලත් අත්පොතකි. එක් එක් ජාවාස්ක්‍රිප්ට් ශ්‍රිත සහ API පිලිබඳ සවිස්තරාත්මක දැනුම මෙහි අඩංගු වේ.

    https://developer.mozilla.org/en-US/docs/Web/JavaScript/Reference යන ලිපිනයෙන් මෙය කියවිය හැකිය.

    මෙය බොහෝ ප්‍රසිද්ධ මූලාශ්‍රයක් බැවින් "MDN [සෙවුම]" ලෙස ගූගල් පිරික්සීමෙන්ද පහසුවෙන් තොරතුරු ලබා ගත හැකිය. උදාහරණයක් ලෙස parseInt නම් ශ්‍රිතය පිලිබඳ MDN පිටුව ලබා ගැනීමට "MDN parseInt" ලෙස පිරික්සීම ප්‍රමාණවත් වනු ඇත.

  • MSDN – ජාවාස්ක්‍රිප්ට් සඳහා වූ මයික්‍රොසොෆ්ට් අත්පොත. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරර් සම්බන්ධව යම්කිසිවක් සොයා බැලීමට අවශ්‍ය නම් http://msdn.microsoft.com/ තුලින් මෙයට පිවිසිය හැකිය.

    "RegExp MSDN" හෝ "RegExp MSDN jscript" ගූගල් පිරික්සීමෙන්ද MSDN හි දැක්වෙන විස්තර කියවිය හැකිය.

අනුකූලතා (Compatibility) වගු

ජාවාස්ක්‍රිප්ට් නිතර අලුත් වන භාෂාවකි. නිරතුරුවම අලුත් විශේෂාංග භාෂාවට එකතු වෙමින් (සහ ඉවත් වෙමින්) ඉදිරියට යයි.

නොයෙක් බ්‍රවුසර් සහ ජාවාස්ක්‍රිප්ට් එන්ජින් විවිධ මට්ටමින් මේ නව විශේෂාංග වලට සහය දක්වන බැවින් සෑම විටම මෙම විශේෂාංග එකම ආකාරයෙන් භාවිතා කල නොහැක. එමනිසා ඒ ඒ බ්‍රවුසර් සහ එන්ජින් කිනම් මට්ටමින් ඒ ඒ විශේෂාංගයන්ට සහ දක්වනවාද යන්න දැනගැනීමට පහත සේවාවන් භාවිතා කල හැකිය.

ඉහත දැක්වූ සියලු මූලාශ්‍ර ජාවාස්ක්‍රිප්ට් ක්‍රමලේඛනයේදී ඉතා ප්‍රයෝජනවත වෙයි. එබැවින් ඒවා නිතර නිතර පරිශීලනයෙන් ඔබට වඩා පලපුරුදු ජාවාස්ක්‍රිප්ට් ක්‍රමලේඛකයෙකු විය හැකිය.